🌳බොන්සායි ගහක් වගේ වෙමුද...🌳 මොකද්ද ඒ කිව්වෙ
🤔බොන්සායි ගස් ගැන අහල ඇතිනේ
😇 ....ඔව් ඔව් ඒ ලස්සන , ලක්ශ ගාණක් වටින පොඩි ගස් තමා...
ඉතින් ඇයි අපිට ඒ ගැන කියන්නෙ? 😏😶 🌚 ඔය ගහ නිර්මාණය වෙන්නෙ සාමාන්‍ය බීජ වලින්ම තමා... ඒත් එයාට ලැබෙන තත්ත්ව පාලනය කරනවා... ඉඩකඩ එහෙම... හිතුමතේ හැදෙන්න දෙන් නෑ.... පුංචි පෝච්චියක තමා මේ මහා රූස්ස ගහ හැදෙන්නෙ...
🌳 මේ විදිහට ලස්සනට ගහ හැදෙන්න අවුරුදු ගාණක් යනවා ... දවසින් දෙකින් පුලුවන් වැඩක් නෙවෙයි මේක
😅 ගහ පව් නැද්ද ?🥲 නැහැ එයා දුක් වින්දට එයාගෙ වටිනාකම ගොඩාක් වැඩි වෙනව.. සාමාන්‍ය ගහකට වඩා... සිය දහස් ගුණයකින් වැඩි වෙනව....
ඉතින් 😉 A/l 2nd shy.. 3rd shy කරන ඔයාලට හිතෙනව ඇති ඔයා ජීවිතේ විඳවනව.. සීමා වලින් වට වෙලා ඉන්නෙ..අනෙක් යාලුවෝ ට්‍රිප් යනවා... සමහරු ජොබ් කරනව.... ඔයා තාම ක්ලාස් යනව...😞
🥺 විශේෂයෙන් ම science subject
කරන අයට මේ හැඟීම දැනෙනව වැඩියි .... මටත් එහෙම තමයි....
ඒත් ටික කාලෙකින් තමන්ට ලැබෙන වටිනාකම ගැන හිතෙද්දි මේ පීඩනය .... දැනෙන දුක ඉක්මනින් නිවිල යනවා....
ඒ නිසා මේ ගෙවෙන තත්පරෙත් ඒ අවුරුදු ගානකින් ලැබෙන ලස්සන ජීවිතේ වෙනුවෙන්..... කැපකරන්න..බොන්සායි ගහක් වගේ.... ❤️දන්නවද ?
🤫හැම ගහක් ම බොන්සායි කරන්න බෑ... තෝරා ගත්තු ගස් කීපයක් විතරයි ඒ පීඩනේට සීමා වලට ඔරොත්තු දෙන්නෙ...
මිනිස්සුත් ඒ වගේ 😌 දරා ගැනීමේ ශක්තිය තියෙන් ඒ ටික දෙනා තමයි සාර්ථක වෙන්නෙ ...🙃 ඔයත් ඒ අයගෙන් කෙනෙක් වෙන්න...
ජයවේවා !! ~🌷@පියූ🌷~