Смотреть в Telegram
DNA සතුව පවතින දත්ත ගබඩා කිරීමට ඇති හැකියාව DNA යනු අපගේ ප්‍රවේනික තොරතුරු ගබඩා කර සිට ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සංස්ලේෂණය කරන මාධ්‍යයයි. අප සිරුරේ ඇති ලක්ෂණ ගබඩා කරගෙන සිටින මෙම අණුව ඉතාමත් කුඩා අණුවක් වීම විශේෂත්වයකි. වරක් පර්යේෂකයින් පිරිසක් එක්ව ඩිජිටල් මාධ්‍යයන් හි ගබඩා කරන දත්ත (කේතගත පෙළ , රූප , ශ්‍රව්‍ය ලිපිගොනු ආදිය ) DNA වල ගබඩා කරමින් අත්හදාබැලීමක් සිදු කළ අතර පර්යේෂනයෙන් පසුව ඔවුන් පවසන ලද්දේ එම ගබඩා කළ තොරතුරු 100% නිරවද්‍යතාවයෙන් විකේතනය කිරීමට හැකි වූ බවයි. ඒ අනුව ඔවුන් පවසන්නේ කෘතීම DNA ග්‍රෑම් 1ක් ගත් විට එතුළ CD තැටි මිලියන 3 ක දත්ත (3,000,000 CD’s) ගබඩා කළ හැකි බවයි. එපමණක් නොව , මෙම සියලු තොරතුරු වසර දහස් ගණනක් නොව සිය ගණනක් සංරක්ෂණය කළ හැකි බවට එම පර්යේෂකයින් තවදුරටත් පවසයි. මේ අනුව DNA හට මුළු ලෝකයේම දත්ත ඩිජිටල් ලේඛනාගාරයක් ආකාරයට ගබඩා කළ හැකිය. ඔයාලා මොනවද කියන්නෙ මේ ගැන ? 🙂Reactions , 💬Comments දාං යන් ඉතින් , මම් පව් නෙ. මේ ටිකේ ටිකක් Free නිසා Articles ලියන්න පුළුවං උණා. දිගටම ඕනෙ නම් මේම හරි සතුටු කරන ලෙස ඉල්ලමි..! #DetailedDescription 𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴 ✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram Center
Telegram Center
Канал