Channel එකෙහි Post එකක් යවන්නා තෝරා ගැනීමTelegram හි Android සඳහා බීටා අනුවාදයේ, ඕනෑම Channel ඇඩ්මින්වරයෙකුට දැන් post එකෙහි, යවන්නාගේ අනන්‍යතාවය තෝරාගත හැක. Text Input Field එකෙහි වම්පස කෙලවරෙහි දිස්වන Selection menu එකෙහි ඇඩ්මින්වරයාගේ පුද්ගලික ගිණුම, වත්මන් නාලිකාව සහ ඇඩ්මින් සතු වෙනත් ඕනෑම පොදු නාලිකා ඇතුළත් වේ.
මීට අමතරව, "Administrators" යටතේ "Show Authors' Profiles" නමින් නව Setting එකක් එක් කර ඇත. එය සක්‍රිය කළ විට, post එක යවන්නා සඳහන් කරන Icon එකක් නාලිකාවේ post එකෙහි වම් පසින් දිස් වනු ඇත.ඕනෑම නාලිකා ඇඩ්මින්වරයෙකුට මෙම Option එක කළමනාකරණය කළ හැකි අතර, ඔවුන්ට Channel එකෙහි ලබා දී ඇති Admin Permissions මොනවාද යන්න මේ සඳහා බලනොපායි.
නාලිකාවේ ප්‍රධාන සැකසුම් තිරයේ කලින් දක්නට තිබූ "Sign Messages" සැකසීම දැන් මෙම කොටසෙහි ඇත. අක්‍රිය කළ විට, පණිවිඩ Type කිරීම සඳහා ඇති input field එකෙහි “Publication" වෙනුවට "Send Anonymously" පෙන්වනු ඇත.
#Android